BBC News, සිංහල - ප්‍රධාන පුවත්
සජීවී., ‘ඉරාන යුද්ධය අවසන් වීමට ආසන්න යි’: ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියයි
"ඊළඟට වෙන්නේ මොකක් ද කියලා බලමු, මම හිතන්නේ ඔවුන් (ඉරානය) ගිවිසුමකට එළඹෙන්න දැඩි උනන්දුවකින් ඉන්නේ," ඇමෙරිකානු ජනාධිපතිවරයා එසේ පැවසීය.
ප්‍රධාන පුවත
මන්ත්‍රී අර්චුනාගේ වැටුප: පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ රාජ්‍ය සේවකයින් ඉතා අඩුවෙන් බදු ගෙවන්නේ ඇයි?
සාමාන්‍ය ජනතාවගෙන් අධික ලෙස ආදායම් බදු අය කර ගන්නා තත්ත්වයක් තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉතා අඩු ආදායම් බද්දක් අය කර ගැනීම සම්බන්ධයෙන් මේ වන විට දැඩි කතාබහක් ඇති වී තිබේ. මෙම කතාබහ නිර්මාණය වූයේ, පසුගිය අප්‍රේල් 08 වන දා පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් ඔහුගේ මාසික වැටුප වෙනුවෙන් ලැබුණු වැටුප් ලේඛනය සිය ෆේස්බුක් ගිණුමෙහි පළ කිරීමත් සමග ය. ඔහුගේ වැටුප් විස්තර අනුව පෙනී යන්නේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් අය කර ගැනෙන ආදායම් බද්ද ඉතා අඩු අගයක් ගන්නා බව ය.
ශ්‍රී ලංකාවේ කාන්තාවන් ගැන නව සංගණනයෙන් හෙළි වන සුවිශේෂී කරුණු 6ක්
ආර්ථික වශයෙන් අක්‍රිය කාන්තාවන්ගෙන් 51%ක් පමණ දළ දේශීය නිෂ්පාදිතයට ගණන් නොගන්නා පූර්ණ කාලීන නිවසේ වගකීම් සහ ළමා හා වැඩිහිටි රැකවරණ කටයුතුවල නිරත වෙති. ශ්‍රම බලකායේ කාන්තාවන් බොහෝ විට ඉහළ අධ්‍යාපනයක් සහ කුසලතා ඇති අය වුව ද, ඔවුන් තවමත් නායකත්ව තනතුරු කරා ළඟා වීමට හෝ ව්‍යාපාර හිමිකරුවන් වීමට ඇති ඉඩකඩ අඩු බව මෙම වාර්තාවේ දත්තවලින් පෙනී යන්නකි.
බැක්ටීරියා බෝ නොවන ස්ථානයක් ලෙස ඔබේ ශීතකරණය රැකබලා ගන්නේ කෙසේ ද?
රාත්‍රී ආහාරයෙන් පසුව ඉතිරි වූ කුකුළු මස් වැනි දෑ නැවත අනුභවයට පෙර අප බොහෝවිට එහි ගන්ධය පරීක්ෂා කර බැලීම සිදු කරයි. නමුත් ඉතිරි වූ ආහාරවලින් එන සුවඳ හොඳ වූ පමණින් ඒවා අනුභවයට සුදුසු යැයි අදහස් නොකෙරේ. සැල්මොනෙල්ලා හෝ ලිස්ටීරියා වැනි බැක්ටීරියා පවතින විට සෑම විට ම අප්‍රසන්න ගන්ධයක් පිට නොකරයි.
'මම ඒක කොහේ හරි ලියලා තිබ්බා': සිය මංගල තරගයේදී ම IPL වාර්තාවක් තැබූ පන්දු යවන්නා
"මම ක්‍රිකට් සෙල්ලම් කරන්න පටන් ගත්තේ අවුරුදු 13 දී. ලෙදර් බෝල් ක්‍රිකට් කියන්නේ මොකක්ද කියලා මම මුලින් දැනගෙන හිටියේ නැහැ. නමුත් මම මගේ තාත්තාට කිව්වා මාව ක්‍රීඩා සමාජයකට ඇතුළත් කරන්න කියලා, ඔහු මාව එතනට එක්කගෙන ගියා. මම මගේ ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ කළේ එහෙමයි. මට මේ සම්මානය මගේ පවුලේ අය වෙනුවෙන් කැප කරන්න ඕන. ඒ අය අසීමිත විදිහට මං වෙනුවෙන් කැප කිරීම් කළා."
සීනි පාලනය කරගෙන අවුරුදු කෑම රස බලන්නේ කොහොම ද?
සීනි අධික ආහාර භාවිතයට ගන්නා අවුරුදු සමයේ දී දියවැඩියා රෝගීන් එම රෝගය කළමනාකරණය කර ගත යුතු ආකාරය අන්තරාසර්ග විශේෂඥ වෛද්‍ය මනිල්ක සෝමතිලක පැහැදිලි කළේය. "අපිට කිරිබත්, කැවුම්, කොකිස්, අලුවා ඒවා නැතුව අවුරුද්දක් නෑ. ඒක අපේ සම්ප්‍රදාය මේ රෝගය නිසාත් අපිට ඒවා සම්පුර්ණයෙන් ඉවත් කරන්න බැහැ, නමුත් යම් සීමාවන් ඇතුව දියවැඩියාවෙන් පෙළෙන කෙනෙකුට වුණත් සතුටින් අවුරුදු කන්න පුළුවන් කියලා තමයි මම ප්‍රකාශ කරන්නේ."
කෙටි වීඩියෝ
BBC News සිංහල දැන් WhatsApp ඔස්සේ
ඔබට ඩේටා ඉතුරු කර ගැනීමට අවශ්‍ය ද?
අවම ඩේටා ප්‍රමාණයකින් කියවිය හැකි අපගේ පෙළ පමණක් සහිත වෙබ් පිටුව කියවන්න
වෘත්තීය සහ දිවිමග
විශේෂාංග
ලාල් කාන්තගේ නිවස, වත්කම් බැරකම් සහ 'සමාජ ප්‍රාග්ධනයේ' නීත්‍යනුකූලභාවය
අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්තගේ නිවසේ පැවති දානමය පුණ්‍යකර්මයක් අතරතුර ජනාධිපති අනුර කුමාර දිසානායක, අගමැති ආචාර්ය හරිනි අමරසූරිය ඇතුළු කිහිප දෙනෙකු පුටුවල අසුන්ගෙන ආහාර ගන්නා ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යවල සංසරණය විය. එහිදී, ජනාධිපති සහ අගමැති ඇතුළු රජයේ ඉහළ පෙළේ පුද්ගලයින්ගේ 'සරලකම', 'නිහතමානීත්වය' පිළිබඳ අදහස් පළ වී තිබෙනු දැක ගත හැකි විය. කෙසේ වෙතත්, දින කිහිපයක් තුළ අදාළ ඡායාරූප හරහා ආණ්ඩුවට යම් විරෝධයක් පළ වන පෝස්ට් සමාජ මාධ්‍ය හරහා සංසරණය වීමට පටන් ගත්තේ ය.
NDB බැංකුවේ රුපියල් බිලියන 13.2 මූල්‍ය වංචාව ගැන අප මෙතෙක් දන්නේ මොනවා ද?
ශ්‍රී ලංකා වාණිජ බැංකු ඉතිහාසයේ විශාලතම මෙහෙයුම් අක්‍රමිකතාව බව පැවසෙන ජාතික සංවර්ධන බැංකුවේ (NDB) සිදුවූ බව කියන "රුපියල් බිලියන 13කට අධික" මූල්‍ය වංචාව සම්බන්ධයෙන් මේ වන විට සමාජය තුළ දැඩි කතා බහක් නිර්මාණය වී තිබේ.
කොන්ඩම් මිල ඉරාන යුද්ධය නිසා ඉහළ යන්නේ ඇයි?
ඉරාන යුද්ධය ලොව කර්මාන්ත රැසක් කම්පනයට පත් කර තිබේ. දැන් එහි බලපෑම ජීවන රටාව ආශ්‍රිත කර්මාන්ත සඳහා දැනෙමින් පවතී. උපත් පාලන කොපු කර්මාන්තය තුළ ද අමුතුම ආකාරයේ නොසන්සුන්තාවයක් මතු වී තිබේ.
QR ගෙවීම් ගැන පාරිභෝගික සහ ව්‍යාපාරික ඔබ දැන ගත යුතු ම කරුණු 3ක්
ශ්‍රී ලංකාව තුළ 'ජාතික QR ගෙවීම් ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතිය' අප්‍රේල් 6 වන දින නිල වශයෙන් ආරම්භ කෙරිණි. ශ්‍රී ලංකාව කාසි සහ නෝට්ටු භාවිතය අවම වූ (cash-lite) ආර්ථිකයක් කරා මෙහෙයවීම මෙහි මූලික අරමුණ බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.
පාසල් සිසුන් සම්බන්ධ දඬුවම් ගැන අධ්‍යාපන අමාත්‍යංශයෙන් අලුත් චක්‍රලේඛයක්
පාසල් සිසු සිසුවියන් අතර විනය පවත්වාගෙන යාමේදී ශාරීරික සහ මානසික දඬුවම් ක්‍රියාත්මක කිරීමට එරෙහිව තවත් චක්‍රලේඛයක් අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිකුත් කරනු ලැබ තිබේ. එම චක්‍රලේඛය නිකුත් කර ඇත්තේ, ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවකදී ලබා දී ඇති නියෝගයකට අනුව ය. ඒ අනුව, ශ්‍රේෂ්ඨාධිකරණයේ අංක 461/2012 (FR) දරන නඩු තීන්දුවේ 17 වන ඡේදය සැලකිල්ලට ගනිමින් එම චක්‍රලේඛය නිකුත් කර තිබේ.




















































